රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල. ටී. රත්නායක අද (දෙසැ. 27) කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

එමෙන් ම, කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණියන් සහ තවත් පවුලේ ඥාතියෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.