මෙරට ක්‍රිකට් සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධික්ෂණය, සන්නිවේදනය සහ සම්බන්ධිකරණය කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍ය ​රොෂාන් රණසිංහ විසින් ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධිකරණ කමිටුව පත් කර ඇත.

ඒ අනුව සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ යුත් අදාල කමිටුව ක්‍රිඩා අමාත්‍යවරයා විසින් පසුගිය සැප්තැම්බර් මස 26 වනදා සිටි බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව සඳහන් වේ.