කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ (CPL) ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට ඊයේ තරගයේදී රතු කාඩ්පතක් ලබාදුන්නේය. මෙහිදී කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙක් පිටියෙන් ඉවත් විය යුතු අතර, ඒ අනුව සුනිල් නරේන් පිටියෙන් ඉවත් විය. ඒත් සමගින් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම රතු කාඩ්පතට ගොදුරු වූ ක්‍රීඩකයා බවට සුනිල් නරේන් පත් විය.

කීරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර 20න් 19ක් පමණක් සම්පූර්ණ කිරීම නිසා මන්දගාමී පන්දුවාර වේගයක් රඳවාගැනීමේ වරදට මෙම දඬුවම හිමි විය.

ඒ අනුව යාර 30 සීමාවෙන් පිටතදී උපරිම පන්දු රකින්නන් දෙදෙනෙකු සහිතව සහ ක්‍රීඩකයන් 11 දෙනෙකු වෙනුවට ක්‍රීඩකයන් 10දෙනෙකු සමග අවසන් පන්දුවාරය ක්‍රීඩා කිරීමට ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට සිදු විය.

මෙම තරගය පැවැත්වුණේ st kitts and nevis patriots කණඩායම සහ trinbago knight riders කණඩායම අතරයි