එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීම සඳහා විරාම ඝටිකාව භාවිත කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ. ඒ අනුව ක්‍රීඩා කිරීමේ වේගය නියාමනය සඳහා විරාම ඝටිකාව භාවිත කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

මෙමගින් පන්දු ඕවර දෙකක් අතර ගතවන කාලය නියාමනය කරන අතර, ඒ අනුව පන්දුවාරයක් නිමා කර විනාඩියක් ඇතුළත ඊළඟ පන්දුවාරය යැවීමට පන්දු රකින කණ්ඩායම සූදානම් නැතිනම්, එය ඉනිමක තුන්වැනි වරක් සිදුකළ විට ලකුණු 05ක දඩයක් පැනවීමට නියමිතය.

මෙම වසරේ දෙසැම්බර් සහ 2024 අප්‍රේල් අතර කාලය තුළ මෙම ක්‍රමවේදය අත්හදාබැලීමට නියමිත බව අයි.සී.සී. පවසයි.