ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ගත් තීරණය සම්බන්ධයෙන් කඩිනමින් අයි.සී.සී.යට අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් සිදු කර නොමැති බවත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයිදැයි තමන් එම අභියාචනය මගින් විමසා සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හොරුන්ගෙන් සහ දූෂිතයන්ගෙන් තොර කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.