ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ඇතුළු සාමාජිකයින් අද (18) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හමු වී ඇත.

එහි දී නව තේරීම් කමිටුව නවීන සහ උපායශීලී සැළසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් විජයග්‍රාහී මාවතකට ඔසවා තැබීමේ අවශ්‍යතාවය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල කාර්ය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මහතා ද එක් විය.