ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම යළිත් හෙට (28) දක්වා කල් තබා ඇත.

මෙම පෙත්සම අද (27) සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (27) පස්වන දිනටත් කැඳවා තිබිණි.

අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු අතුරු කමිටුවේ සාමාජිකයින් වෙනුවෙන් කරුණු දැක්වීම සිදුකර තිබිණි.