ශ්‍රී ලංකා ක්‍රිකට් අතරු කමිටුව පත් කිරීමට එරෙහි නඩුව සලකා බැලීම හෙට (23) දිනය දක්වා කල් තබා ඇත.

ඒ අනුව අදාළ පෙත්සම් අද (22) යළි කැඳවූ අවස්ථාවේදී එය සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කර ඇති බවයි සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.