ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

ඒ අනුව කතා නායකවරයා විසින් මීළඟ පාර්ලිමේන්තු සභාවාරය හෙට උදෑසන 9:30 දක්වා කල් තැබීය.

දුෂිත ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුලු නිලධාරීන් වහා ඉවත්විය යුතු බවට විපක්ෂය ගෙනා පාර්ලිමේන්තු විවාදය අද (09) පෙරවරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව ගෙනවිත් තිබුණි.