මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි කටයුතු සදහා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් අනුකමිටුව ඔවුන්ගේ වාර්තාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබේ.

මෙම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන අතරතුර සහ නව ක්‍රීඩා පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය.