Jason Statham, Sylvester Stallone, Curtis “50 Cent” Jackson, Tony Jaa, Dolph Lundgren ඇතුළු හොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ ක්‍රියාදාම වීරයින් රැසක් එක් වන මීළඟ ක්‍රියාන්විතය නොහොත් Expendables චිත්‍රපට මාලාවේ 4 වැන්න හෙට දින (22) සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතයි.
ඒ අනුව, දශක ගණනාවක් පුරා රිදී තිරයේ අණසක පැතිර වූ 77 වියැති Sylvester Stallone නැවතත් රිදී තිරයේ දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වනවා. නමුත් ඔහු වෙනුවෙන් වැඩි තිර කාලයක් වෙන් වී නොමැති අතර, 80%ක පමණ වැඩි තිර කාලයක් Jason Statham විසින් නිරූපණය කරන Lee Christmas චරිතයට හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

Scott Waugh විසින් අධ්‍යක්ණය කරන ‘Expend4bles’ සුපිරි වීර කතාවක් නොවන එහෙත්, පැරණි තාලයේ ක්‍රියාදාම චිත්‍රපටයක් (old-fashioned action film) බවයි නිශ්පාදක Kevin King-Templeton පවසා ඇත්තේ.