කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ.

ඔවුන් දෙපලගේ විවාහ ජිවිතයට වසර වසර 18 ක් වේ.

දෙදෙනා විවාහ වූයේ 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදීය.

වෙන් වීමට තීරණය කළත්, දරුවන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍ය සියලු දේ කිරීමට කටයුතු කල බව ඔවුන් දේපල පැහැදිලි කර තිබේ.

ටෲඩෝ සහ සෝෆි යුවළට දරුවන් තිදෙනෙකි.

ඒ පුතුන් දෙදෙනකු සහ දියණියකි.

වැඩිමල් පුතු සේවියර්ගේ වයස අවුරුදු 15 කි. දෙවැනියා වන දියණියගේ වයස අවුරුදදු 14 කි. බාල පුතුගේ වයස අවුරුදු 9 කි.