කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයින් 4 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා සඳහන් කර තිබේ.

එමෙන්ම සිද්ධියට මුහුණ පෑ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වේ.

ඊයේ (4) පස්වරුවේ සිට ක්‍රියාත්මකවන පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ තාක්ෂණ හා පරිගණක පීඨය හැර අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීය.