කිඹුලාවල STREET FOOD අලෙවිසැල් දින 14ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩහිමියන්ට දැනුම් දී තිබේ.

මේ හේතුවෙන් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා ඇත.

කෙසේ වෙතත් කඩහිමියන් සඳහන් කර සිටියේ යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව අලෙවිසැල් පවත්වාගෙන යෑමට තමන් කැමති බවය.

මීට පෙර මෙම කඩ ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළ ද පසුව කඩහිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබා දී තිබිණි.