ලංකා සතොස කිරිපිටි මිල පහළ දැමීමට නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල පහළ දමා තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රුපියල් 31කින් මිල පහළ දමා ඇති බවය.

ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට්ටුවක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 999කි.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් හරහා හෙට (21) සිට මෙම නව මිල යටතේ ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් මිලදීගැනීමට හැකිවනු ඇති.