කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

කුරුඳු නිෂ්පාදනය සහ අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, කුරුඳු නිෂ්පාදනවල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම, අගය එකතු කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය වැනි කටයුතු සඳහා කුරුඳු වගාකරුවන්, සැපයුම්කරුවන් මෙන් ම අපනයනකරුවන් වෙත අවශ්‍ය පහසුකම් සැපයීම එහි අරමුණ වේ.

ඒ අනුව, සුළු අපනයන බෝගයක් වශයෙන් විදේශ විනිමය ඉපැයීම සඳහා කුරුඳු බෝගය සපයන දායකත්වය සැලකිල්ලට ගෙන, එය වාණිජ බෝගයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.