මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ එස්.එස්.සී. සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය ඊයේ පැවැත්විණි. එම තරගයේදී එස්.එස්.සී. ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ලකුණු 00කට දැවී ගිය අතර, ඉන් කුපිතවූ ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයේ දොරකට පහරදී හානිකර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ විනය විරෝධී හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට සූදානම් බවත්, ඔහුට ජාත්‍යන්තර තරගයක් හෝ දේශීය තරග කිහිපයක තහනමක් පැනවෙනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළ තරග තීරක වාර්තාවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බව වාර්තා සඳහන් කරයි.