2024 වර්ෂයේදී පවුල් 50,000කට ආසන්න සංඛ්‍යාවකට නිවාස අයිතිය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය කතාව ඉදිරිපත් කරමින් අද (13) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකරන ලද නිවාස අඩු ආදායම් ලාභී පවුල්වලට කුළී පදනම මත ලබා දී තිබෙන අතර රුපියල් 3000ක පමණ මාසික කුළියක් එම පවුල්වලින් ලබා ගෙන ඇත.

මෙවර අයවැය හරහා එළෙස ලබා ගන්නා කුළී මුදල් ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර තිබේ.

එසේම අදාළ නිවාසවල පූර්ණ අයිතිය එම නිවාසවලට ලබාදීමට තීරණය කර තිබේ.