මෙරට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා  ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දෙසැම්බර් මාසයේ සිට අදාල ප්‍රමිති සහතිකය ලබා ලබාගැනීම අනිවාර්ය බව ජාතික කුළුබඩු සංස්ථාවේ සභාපතිනී කුමුදිනී ආර්යා ගුණසේන සඳහන් කර ඇත.

ගම්මිරිස්, එනසාල්, කරඳමුංගු, කරාබු නැටි, කුරුඳු වැනි කුළුබඩු  ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිත කරන අතර  ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම නිසා Sri Lanka Spice සන්නාමයට බරපතල හානි සිදු කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.