කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා හෙට අනිද්දා සහ සෙනසුරාදා වෙන් කරන්නට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව සඳහා දින තුනක්වත් විවාදයට අවශ්‍ය බවත් එය උඩින් පල්ලෙන් කිරීමට සූදානම් නැති බවය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය සිදු කර ඇත.