ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නව කොවිඩ් රෝගීන් 300ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 2,669 ක් වේ.

එම ප්‍රාන්තයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මරණ 3 ක් වාර්තා වූ බවය.

කෙසේ වෙතත්, රෝගයේ ප්‍රබලත්වය අඩු වී ඇති බවත් රෝගයට ගොදුරු වූ පුද්ගලයින්ගේ මරණ අනුපාතය වෙනදා තරම් ඉහළ මට්ටමක නැති බවත් සඳහන් වේ.

එය දැන් වෙනත් ඕනෑම ඉන්ෆ්ලුවෙන්සා හෝ වෙනත් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව මෙන් පවතින බව වෛද්‍ය ශ්‍රීජිත් එන් කුමාර් පවසා ඇතැයි සඳහන් වේ.