කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් අසල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙම වෙඩි තැබීම කුමන හේතුවක් මත සිදු කර ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය මේ වනවිට එම ස්ථානය ආශ්‍රිතව පරීක්ෂණ සිදු කරයි