ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ තීරණාත්මක සහ අවසන් තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 07.00ට ආරම්භ වේ.

මෙම තරගය පැවැත්වෙන්නේ Tarouba ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි. මේ වනවිට තරගාවලියේ තරග 1-1ක් ලෙස දෙපිළම ජයගනිමින් සම මට්ටමේ සිටින බැවින් අද තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම තීරණාත්මකය.

පසුගිය සතියේ නිමාවට පත් වූ ටෙස්ට් තරගාවලියේ ශූරතාව ඉන්දීය කණ්ඩායමට හිමි විය.