බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් 2019 වසරේ පැවැති අබුඩාබි T10 තරගාවලියේදී සිදු කරන ලද විෂමාචාර ක්‍රියා ඔප්පු වීම මත අයි.සී.සී. දූෂණ විරෝධී සංග්‍රහය කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට පත්ව තිබේ.

අයි.සී.සී. දූෂණ විරෝධී සංග්‍රහයේ වැරදි 04කට සැමුවෙල්ස් වරදකරු වී තිබේ. ඒ අනුව,

2.4.2 වගන්තිය – සහභාගිවන්නාට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට අපකීර්තියක් ගෙන දිය හැකි ඕනෑම ත්‍යාගයක්, ගෙවීමක්, ආගන්තුක සත්කාරයක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලැබුණු හෝ ලබා දී ඇති බව නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාට හෙළි කිරීමට අපොහොසත් වීම.

2.4.3 වගන්තිය – එක්සත් ජනපද ඩොලර් 750ක් හෝ ඊට වැඩි වටිනාකමක් සහිත ආගන්තුක සත්කාර සඳහා නම් කරන ලද දූෂණ විරෝධී නිල කුවිතාන්සිය හෙළි කිරීමට අපොහොසත් වීම.

2.4.6 වගන්තිය – නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම.

2.4.7 වගන්තිය – විමර්ශනයට අදාළ විය හැකි තොරතුරු වසන් කරමින් නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.

යන චෝදනා හතරටම මාලන් සැමුවෙල්ස් වැරදිකරු බව තීරණය කර ඇත. මේ අනුව ඔහුට එරෙහි දඬුවම් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය