කොළඹ රිජ්වේ ළමා රෝහලේ ඇති එකම සී.ටී ස්කෑන් යන්ත්‍රය බිඳ වැටී ඇති බව වාර්තා වේ.

එම යන්ත්‍රය මගින් දිනකට කුඩා දරුවන් 25කගේ පමණ සී.ටී.ස්කෑන් පරීක්ෂණ සිදුකළ බවත්, එය බිඳ වැටිම නි​සා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව​ත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

මේ අතර එම සංගමයේ සභාපති චනක ධර්මවික්‍රම මහතා සඳහන් කරන්​නේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන විකිරණ යන්ත්‍රය බිඳ වැටි දවස් 10කට වැඩි කාලයක් ගතව ඇති බවයි.

එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් යාවත්කාලීන නොකිරීම නිසා යත්න්‍රය යථාවත් කිරීම දිගින් දිගටම ප්‍රමාදවන බව​ද ඔහු පෙන්වා දෙනවා.