දැනට සිල් තබා ඇති නවගමුව විහාරස්ථානයේ පමණක් නොව තවත් පූජනීය ස්ථාන රැසක ප්‍රකෝටි ගණන් මුදල් හා රන් ආභරණ වංචා සිදුවන බැවින් කෝටි ගණන් පඬුරු වැටෙන සියළුම විහාරස්ථාන හා දේවාලවල පිංකැටවලට වහාම සීල් තැබිය යුතුයැයි ජාතික නාමල් උයනේ වනවාසි රාහුල හිමියන් පවසා ඇත.
මෙලෙස කෝටිගණන් පඬුරු වැටෙන ස්ථානවලින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කරන ගිනුම් වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් , ඒ සියළුම මුදල් පෞද්ගලික පරිහරණයට ගැනීම ජාතික අපරාධයක් බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.
උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
” පිංකැටවලට වැටෙන්නේ රටේ ජනතාවගේ මුදල්.මේවා ගසාකෑම ජාතික අපරාධයක්.මම මීට පෙර අවස්ථා ගණනාවකදි මේ ගැන කිව්වා.අන්තිමට මගේ පතුරු අරින්න පටන් ගත්තා.මට මතකයි අකිල කාරියවසම් මහතා සංස්කෘතික ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දි පිංකැට සීල් තියන්න හැදුවාම කට්ටියම ඒකට විරුද්ධ වුණා.මම විතරයි ඒ වැඩේ අනුමත කළේ.පිංකැටවලට සීල් තියනවාට විරුද්ධ වෙන්නේ හොරු තක්කඩියෝ . පිංකැටවලට කොපමණ මුදලක් වැටෙනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ.ඒ මුදල්වලට සිදුවන්නේ මොකක්ද කියලවත් කවුරුවත් දන්නේ නැහැ.අහිංසක මිනිස්සු පිංකැටවලට දාන මුදල් වලින් අඹුදරුවෙි් පෝෂණය කිරිම වගේම විවිධ අක්‍රමිකතා සිදුවනවා.පඬුරු එකතුකරලා ඒ සල්ලිවලින් කාන්තාවන්ට වාහන අරන් දීපු තැන් ලංකාවේ තියනව ඒව ප්‍රසිද්ධ රහස් මට නම් වශයෙන් කියන්න පුළුවන්.ඉහළම තැන්වල නම් පවා මට කියන්න පුළුවන්.
ඒ දවස්වලම මම මාධ්‍ය හමුවක් තියල කිව තේරුම්ගත්ත බෞද්ධ දෙපාර්තමේන්තුව කැටවලට සීල් තැබිමට තීරණය කිරිම වටිනවා.මම හැමදාමත් කියනවා වගේ මේ වගේ පඬුරු වැටෙන ස්ථානවලට අනිවාර්යයෙන්ම සීල් තැබිය යුතුයි.ඒ මුදල් මාසිකව ගණනයකර පොදු අරමුදලකට දැමිය යුතුයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට වඩා විගණකාධිපතිවරයාගේ අවධානය මේ සදහා යොමුවිය යුතුයි.හැම පිං කැටයක්ම විගණකාධිපතිවරයාගේ විගණනයට ලක්වෙනවානම් ඔය වංචා හොරකම් ගසා කෑම් වළක්වා ගන්න පුළුවන්.
අනෙක් කාරණය මොනතරම් සමහර දේවාල පංසල් වලට රත්තරන් ආභරණ පුජාකරලා තියෙනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ.ඒවා කොහේවත් සටහන් වෙලත් නැහැ.ඒ රන් ආභරණ දේවාලෙවත් පන්සලෙවත් නැහැ.එහෙමනම් ඒවාට මොනවාද වුණේ කියලා හොයලා බලන්න ඔිනේ. අපේ රටේ බොහෝ දේවාල හොර ගුහාවල්.කරුමේ කියන්නේ දෙයියන්ගේ දේත් මුං දෙයියන්ටත් හොරෙන් හොරාකන එකයි.
ඇත්තම කතාව අද කෝටි ගණන් පඬුරු වැටෙන සමහර විහාරස්ථාන පාලනය කරන්නේ එක්කෝ ගෑනු.එහෙම නැත්නම් පන්සලේ ඩ්‍රැයිවර්. ඔන්න ඔිකයි.ඇත්ත මෙි වගේ කෝටි ගණන් වංචා සිදුකරන ස්ථානවල ප්‍රධානින්ට එරෙහිව අලුතින් සම්මත කළ දූෂණ විරෝධි පනත අනුව නිසි දඬුවම්දීමට පියවර ගත යුතුයි