ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC හි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති බවත් ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවත් ඇමතිවරයා පවසා තිබේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ඔහු එම පණිවිඩයේ සදහන් කර ඇත.