ගංගා කිහිපයක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව නිල්වලා, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර ඇත.

අදාළ ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාවට හා එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල සහ අතුරුමාර්ගවල ගමන්ගන්නා රියදුරන්ට වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

පසුගිය පැය 24 තුළ එම ගංගා ආශ්‍රිතව වැසි තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද වාර්තා වේ.

මේ අතර කැලණි ගංගාවේ ජල ගලනය තවදුරටත් පවතින අතර අවිස්සාවේල්ල පහළ ප්‍රදේශයේ කැලණි ගඟේ යම් යම් ස්ථාන පිටාර ගලා ඇති බව ද වාර්තා වේ.