වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.

ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වන ලද ඖෂධ අතරින් සෑම වසරකම ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ලැබෙන පැමිණිලි මත පරීක්ෂණ සිදුකර භාවිතයෙන් ඉවත් කිරීමට සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ එහි අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක සඳහන් කර තිබේ.

2023 වසරේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇති අතර ඒ යටතටඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධයක් ද ඒ අතර වන බවයි ඔහු සඳහන් කර ඇත.