ග්‍රීසියේ ලැව්ගිනි හටගැනීමත් සමඟ කඳවුරක සිටි ළමුන් 1,200 ක් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

ඇතන්ස් හි බටහිර වෙරළබඩ නගරයක් වන ලූත්‍රාකි හි පිහිටි මෙම කඳවුරට ගිනිදැල් පැමිණීමත් සමඟ එහි සිටි ළමුන් මෙලෙස ඉවත් කර ඇති බව සඳහන් වේ.

මේ අතර, අගනුවරට ගිනිකොන දෙසින් පිහිටි කූවාරස් ප්‍රදේශයේදී තවත් ගින්නක් ඇති කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම හදිසි සේවා කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව බොහෝ පිරිසක් තම නිවෙස් හැර යාමට පටන් ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.