ගාල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයහි ඇති අනවරසර ඉදිකිරිම් ඉවත් කිරිමට පියවර ගන්නැයි ගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය සම්බන්ධිකරන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන නාගරික සංවර්ධන අධ්කාරියට උපදෙස් ලබාදි තිබේ.

ගාල්ල නව නගර සැලසුම යාවත්කාලින කිරීම සදහා ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති සාකච්ඡාව දී නාගරික සංවර්ධන අධිකාරියට සහ ගාල්ල පුරාවිද්‍යා සහකාර අධ්‍යෂිකාවට මෙම උපදෙස් ලබා දී ඇත.

පුරාවිද්‍යා රක්ෂිතයක් ඇතුලත ඇති මෙම අනවසර ඉදික්රිම් ඉවත් කරන බවට අප යුනෙස්කෝවට පොරොන්දුවක් දි ඇති බවක් එය ඉටුනොකල හොත් ලෝක උරුමයෙන් ගාල්ල කොටුව ඉවත් කරන බව යුනෙස්කෝව දැනුම් දි ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දි තිබේ.

මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍යාංශයයේ ලේකම්, එහි නියොජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, දකුණු පළාත් පුරාවිද්‍යා කොමසාරිස්වරිය සහ ගාලු උරුමය පදනමේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිළධාරින් රැසක් සහභාගි වි තිබේ.

Galle Times