ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථා ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

පසුගිය දින වල රැඳවියන් අතර පැතිර ගිය උණ සහ සමේ රෝග තත්ත්වයක් හේතුවෙන් රැඳිවියන් බැලීම ඔවුන්ගේ ඥාතින්ට සීමා කර තිබූ අතර කෙසේ නමුත් රැඳවියන් පිටතට රැගෙන යෑම තවදුරටත් සිදු නොකරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බන්ධනාගාරයේ පැතිර ගිය මෙම රෝගී තත්ත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් රැඳවියන් නව දෙනෙකු රෝහල් පසුගියදා රෝහල් ගත කෙරුණි.