ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.

කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, එකඟත්වයක් ඇති වී, සටන් විරාමයකට යෑමටත්, හමාස් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත් නියමිතව තිබියදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙම පාසල එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් ඉදි කළ සහ පවත්වාගෙන යන පාසලක් බව සඳහන් වේ.

පලස්තීන වැසියන් පාසලේ ආරක්ෂාව ලැබ සිටි බවත්, ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීන වැසියන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Smoke rises after Israeli air strikes in north Gaza, as seen from southern Israel on November 23, 2023 [Alexander Ermochenko/Reuters]