ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 14,854 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව තුවාල ලැබූවන් අතර ළමුන් 5,850 ක් සිටින බවයි හමාස් බලධාරීන් පවසා තිබේ.

එමෙන්ම ගාසා යුද්ධයෙන් මේ දක්වා ළමුන් 5,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ද සඳහන් වේ.

කෙසේ වෙතත් ගාසා තීරයේ සන්නිවේදන බාධාවන් පවතින අතර, ඒ හේතුවෙන් නිවැරදි දත්ත රැස් කිරීමට බාධා මතුව ඇති බව ද වාර්තා වේ.