ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට එම ආයතනය අද(04) තීරණය කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204 න් අඩු වූ අතර ඒ අනුව එහි නව මිල රු. 2982.00ක් වේ.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 83න් අඩු වූ අතර ඒ අනුව එහි නව මිල 1198.00ක් වේ.

කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 37ක් අඩු අතර ඒ අනුව එහි නව මිල රු. 561.00 බව සඳහන් වේ.

මෙම වසරේ මේ දක්වා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කර ඇති අතර ඉන් එක් අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමීය.