වහාම ක්‍රියාත්මක වන පරිදි අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර ඇත.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් ඉහළ දමා තිබේ.

අවසන් වරට ගෑස් මිල සංශෝධනය ජුලි මාසයේදී සිදු කල අතර එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩු කර තිබිණි.

එමෙන්ම මිල සූත්‍රයට අනුව අගෝස්තු මාසයේ සංශෝධනයක් සිදු කළ යුතුව තිබුණද එම අවස්ථාවේ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකළ අතර ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,982 ක මිලකට අලෙවි විය.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,198 ක මිලකටත් කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 561 කටත් අලෙවි කෙරිණි.