ජොහැන්නස්බර්ග් නගර මධ්‍යයේ මාෂල්ටවුන් හි මහල් පහක ගොඩනැගිල්ලක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 60කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දුම් ආඝ්‍රාණය කිරීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කර ඇත.

මේ වන විට පිරිස් අදාල ගොඩනැගිල්ලෙන් ඉවත් කර ඇති අතර, ගින්නට හේතුව තවමත් පැහැදිලි නැති බවයි වාර්තා වනුයේ.