වලවේ ගොවි බිම් අක්කර 13,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසා ඇත.

පවතින වියළි කාලගුණය හේතුවෙන් සහ වගාවට ජලය නොමැති වීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති ඔවුන් සදහන් කර තිබේ.

ඒ අනුව වගා වන්දි ගණනය කිරීම සඳහා එම ප්‍රදේශයට කණ්ඩායමක් අද ( 14) පිටත්ව යන බව එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර ප්‍රකාශ කර ඇත.