ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කළ නවතම ශ්‍රේණිගතකිරීම් අනුව කාන්තා එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පියවරක් ඉදිරියට පැමිණ අංක 02 ස්ථානයට පත්වීමට චමරි අතපත්තු සමත්ව තිබේ. ඇයට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 758කි.

මෙහි පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 803ක් හිමි කරගත් එංගලන්තයේ නැටලි සීවර්ය. මෙතෙක් පෙරමුණේ පසුවූ ඔස්ට්‍රේලියාවේ බෙත් මූනි ශ්‍රේණිගතකිරීම්හි අංක 03 ස්ථානය දක්වා පසු බැස ඇත.