ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉවත් කර ඇති බව Daily Mirror වෙබ් අඩවිය වාර්තා කර තිබේ. දුෂ්මන්ත චමීරට සමස්ත තරගාවලියම අහිමි වනු ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

චමීර උරහිසේ ආබාධයකට ලක්ව ඇති අතර විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇති බවත්, LPL තරගාවලිය වනවිට ඔහුගේ වළලුකරේ ආබාධය සුව වී තිබුණද LPL අතරතුර උරහිසේ අබාධයක් පැමිණි බවත් වාර්තා කර තිබේ. ඒ අනුව ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ආසියානු කුසලාන සංචිතයෙන් ඔහුව ඉවත් කර ති‌බේ.

LPL තරඟාවලිය අතරතුර ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නමද ආසියානු කුසලාන සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියට යවා ඇති අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් පසු ඔහු සංචිතයට ඇතුළත්වේද යන්න තීරණය වේ. වනිඳු මස්පිඬු ආබාධයකට ලක්ව සිටී.

ආසියානු කුසලානය සඳහා ක්‍රීඩකයින් 15දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට නියමිතය. තරගාවලිය එළඹෙන 31වැනිදා සිට පාකිස්තානයේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වේ