ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

චාමර වීරසිංහ ශ්වසන ආබාධයකින්(Respitatory obstruction) පෙළෙන බව රෝහල් වාර්තා සඳහන් කරයි.

එමනිසා ඔහුට ශ්වසන ආධාරක සහිතව ප්‍රතිකාර සැපයෙන බව පැවැසේ.

එමෙන්ම විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා පැමිණීම රෝහලට මෙන්ම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

එම නිසා කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබේ.