බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කරමින් කියා සිටියි.

මෙලෙස චාල්ස් රජුගේ සිරුරේ පිළිකා සෛල ඇතැයි තහවුරු වූ​යේ පසුගිය දා ඔහු වෛද්‍ය පර්යේෂණයකට යොමු වූ අවස්ථාවේදී යැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මේ වනවිට චාල්ස් රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල් දමා ඇති බවත් බකිංහැම් මාලිගය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.