ලොව පුරා සෞඛ්‍ය තර්ජනයක් වෙමින් පවතින චිකුන්ගුන්යා රෝගය සඳහා එන්නතක් නිපදවා ඇති අතර ඒ සඳහා අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

එය චිකුන්ගුන්යා රෝගය සඳහා නිපදවූ පළමු එන්නත ලෙස දැක්වෙයි.

මදුරු විශේෂයකින් ඇතිවන මෙම රෝගය නිසා උණ සහ සන්ධි වේදනාව ඇතිවෙන අතර විශේෂයෙන් අලුත උපන් දරුවන් සඳහා එය මාරාන්තික බව හඳුනාගෙන ඇත.

එම අනුමැතියත් සමගම ලොව පුරා බොහෝ රටවල් එය භාවිතයට ගනිතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය සැප්තැම්බර් මාසය වනවිට චිකුන්ගුන්යා රෝගීන් 440,000ක් හඳුනාගෙන ඇති බවත් මරණ 350ක් වාර්තා වූ බවත් වාර්තා විය.