වසරක් තුළ සිනමාශාලාවක සිනමාපට වැඩිම ප්‍රමාණයක් නැරඹූ පුද්ගලයා” යන ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට Zach Swop නම් පෙනිසිල්වේනියාවේ 32 හැවිරිදි සිනමා රසිකයෙක් සමත් වී තිබෙනවා. 2022 ජූලි 2023 ජූලි දක්වා කාලය තුළ මෙම වාර්තාව සම්පූර්ණ කළ ඔහු, එම වසරේදී සිනමාශාලාවක නැරඹූ සිනමාපට සංඛ්‍යාව 777ක් බවයි වාර්තා වන්නේ.

ඔහු පවසන ආකාරයට ඔහුගේ සිනමා චාරිකාව ආරම්භ කර ඇත්තේ “Minions: The Rise of Gru,” සිනමාපටයෙන් වන අතර, මීට පෙර ප්‍රංශ ජාතික Vincent Krohn විසින් 2018 දී වසරකට සිනමාපට 715 ක් නරඹා පිහිටවූ වාර්තාව Spider-Man: Across the Spider-Verse නරඹමින් බිදහෙලූ ඔහු, ඉදිරියටත් තවත් සිනමාපට 62ක් නරඹමින් නව වාර්තාව පිහිටුවා තිබෙනවා.

“Puss in Boots: The Last Wish” චිත්‍රපටයට ඔහු ඉතා ප්‍රිය කර ඇති අතර, මෙම කාලය තුළ එම චිත්‍රපටය පමණක් ඔහු විසින් 47 වරක් නරඹා තිබෙනවා.

මේ අපූරු රසිකයා Asperger’s syndrome තත්වයෙන් පසුවන පුද්ගලයෙක්. “මම සියදිවි නසා ගැනීමට උත්සාහ කල කෙනෙක්. නමුත් මගේ ජීවිතයෙන් අවුරුද්දක් කැප කළ මේ කටයුත්තෙන් මට සිදු වුණේ යහපතක්” Zach පවසා තිබෙනවා.

මෙම වාර්තාව තැබීමට සතියකට සිනමා පට 16-17ක් පමණ ඔහු නරඹා තිබෙනවා. ඒ සඳහා වැය වන අධික වියදම නිසා මසකට ඩොලර් 22ක් ගෙවා අසීමිතව චිත්‍රපට නැරඹීමේ අවස්ථාව හිමි යාව ජීව සාමාජිකත්වයක් (Regal Unlimited membership) ඔහු විසින් ලබා ගෙන තිබුණා.

එයට හේතුව ගිනස් වාර්තාව තැබීම සඳහා වන ප්‍රධානතම කොන්දේසිය අන්නේ සිනමා ශාලාවක නරඹන චිත්‍රපට පමණක් වාර්තාව සඳහා වලංගු වීමයි.

ඊට අමතරව තවත් නීති වලට යටත් වීමට ඔහුට සිදුවී තිබෙනවා.

– චිත්‍රපටය තිරගත වීම සිදුවන විට, නින්දට වැටීම තහනම් වීම.
– චිත්‍රපටය සම්පූර්ණයෙන් නැරඹිය යුතු වීම කිසිම හේතුවකට අතරමගදී ඉවත්ව නොයාම.
-ආහාර පාන ගැනීම තහනම් වීම.
-ජංගම දුරකථනය භාවිතා කිරීම හෝ වෙනත් කාර්‍යක නිරතවීම තහනම් වීම.

මෙම නීතිවලට අනුව චිත්‍රපට නරඹනවාද යන්න නිරීක්ෂණය කිරීමට සිනමාශාලාවේ සේවකයෙකු නිරතුරුවම රඳවා සිට ඇති අතර, චිත්‍රපට නැරඹීමේ ටිකට්පත්, නිරීක්ශණය කල පුද්ගලන්ගේ අත්සන්ද ඔහු විසින් ඉදිරිපත් කළ යුතු වුණා.