ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතව ඇත

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තිකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමඟ සාකච්ඡා පැවැත්වීම අරමුණ බවයි සඳහන් වන්නේ.

එහිදී ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂි ජින් පිං මහතා අතර විශේෂ හමුවක් පැවැත්වීමටද නියමිත බවයි වාර්තා වේ.