ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නියමිත වේලාවට ඉදිරිපත් කිරීමට සූදානම් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

එම ධූරයට තරග කිරීමට තමා ඉදිරිපත් නොවන බව ද ඊට ඉදිරිපත් කිරීමට තම පක්ෂයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකුම සිටින බව ද ඔහු එහිදි පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහිදි වැඩි දුරටත් පවසා සිටි​යේ VAT බදු අඩු කළ නිසා තමාට ප්‍රශ්න ඇති වූ බව ද එම නිසා VAT වැඩි කිරීම පිළිබඳව තමාට අදහස් ප්‍රකාශ කිරීමට අපහසු බවත්, ඉදිරි සියලු ම මැතිවරණ සඳහා තම පක්ෂය සූදානම් බවත්, පාර්ලිමේන්තුව විසිරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා නම් තම පක්ෂය ඊට ද සූදානම් බව​ත් ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (ජන. 4) පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.