ඇමරිකානු ගායක Toby Keith උදරයේ ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් පසුගිය දා (05) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මිය යන විට 62 හැවිරිදි වියේ පසුවූ ඔහු තිදරු පියෙක්. Country Music ශෛලියේ ගායකයෙකු ලෙස රසිකයින් අතර අතිශය ජනප්‍රිය වූ ඔහුගේ ගීත ඇල්බම් මිලියන 30කට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාව තුළ පමණක් අලෙවි වී ඇති අතර, ඩිජිටල් අවකාශයේ ඔහුගේ ගීත විකාශය වී ඇති වාර ගණන බිලියන 10ක්.

ගීත රචකයෙකු හා රංගන ශිල්පියෙකුද ලෙස කටයුතු කළ Toby Keith 2021 වසරේදී ඇමරිකානු රජය විසින් කලාකරුවකු වෙත පිරිනමන ඉහළම සම්මානය වන කලාව සඳහා වන ජාතික සම්මානයෙන් ද (National Medal of Arts) පිදුම් ලැබූවෙක්.