දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ වරයෙකු, ගායකයෙකු මෙන්ම නළුවෙකුද වන විජේ ඇන්තනීගේ 16 වියැති දියණිය මීරා සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වනවා.

අද උදෑසන 3ට පමණ චෙන්නායි හි පිහිටි නිවසේ ඇයගේ කාමර තුළ දී ගෙල වැලලා ගෙන සිටියදී හමු වී ඇති ඇය,  වහාම රෝහල්ගත කළද, ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ

ඇය මුහුණ දී සිටි බරපතල මානසික පීඩන තත්ත්වයක් මීට හේතු වන්නට ඇතැයි අනුමාන කරන අතර, පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.