2024 ජනවාරි 01 දින සිට Walt Disney ගේ ලෝ ප්‍රකට Mickey Mouse කාටුන් චරිතය ජනසතු කිරීමෙන් පසු එම චරිතයට ඇති අයිතිය Disney සමාගමට නිල වශයෙන් අහිමි වුණා. ප්‍රකාශන අයිතිය ජනසතු වීමත් සමග Mickey Mouse චරිතය යොදාගනිමින් විවිධ නිර්මාණ කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අහිංසක සුරතල් කාටුන් චරිතයක් වූ Mickey Mouse යොදාගෙන බිහිසුණු (Horror) චිත්‍රපටයක් නිර්මාණය කර ඇති අතර, එහි පූර්ව ප්‍රචාරක පටය ද ඊයේ දිනයේ දීම මුදාහැර තිබෙනවා.

Micky’s Mousetrap ලෙස නම් කර ඇති මෙම බිහිසුණු චිත්‍රපටය මෙම වසරේ මාර්තු මස තිරගත කිරීමටයි නියමිතව ඇත්තේ. නමුත්, කාලාන්තරයක් තිස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ මෙවැනි ආදරණීය චරිත යොදාගෙන මෙවැනි නිර්මාණ කිරීම බොහෝ දෙනා හෙලා දැක තිබෙනු සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා.

2002 වසරේ දී මේ අයුරින් ජනසතු වූ A.A. Milne ගේ Winnie the Pooh කාටූන් චරිතය ද යොදාගෙන Winnie the Pooh: Blood and Honey (2023) බිහිසුණු චිත්‍රපටයක් නිර්මාණය කර තිබූ අතර එයටද බොහෝ සෘණාත්මක ප්‍රතිචාර හිමි වූ නමුත්, ඇමරිකානු ඩොලර් ලක්ෂයක වියදමින් නිර්මාණය කළ චිත්‍රපටය ඩොලර් මිලියන 5කට අධික ආදායමක් ලබා ගැනීමට සමත් වුණා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය