ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් හැර කිසිම ආකාරයකින් කල් දැමිය නොහැකි බව සීමානිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත.

එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්යෑමට සීමානිර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදුකර නොමැති බවද සභාපතිවරයා සඳහන් කර තිබේ.

තවද මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභාවන් නිලධාරී පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරු පහරක් බවද ඔහු ප්‍රකාශ කර ඇත.

“ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ. ප්‍රමාද කරන්නත් බැහැ. 2024 සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර පවත්වන්නම ඕනේ”යැයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.